අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම සඳහා භාවිතා කල හැකි තවත් වෙබ් අඩවියකි Paypal. Paypal හි ගිණුමක් ආරම්භ කිරීම සඳහා පහත Link එක මගින් එම වෙබ් අඩවියට පිවිසෙන්න.
දැන් ඔබෙන් ඔබට අවශ්‍ය ගිණුම් වර්ගය විමසා සිටී. Personal , Premium , Business යනුවෙන් Account වර්ග තුනක් ඇති අතර ඔබට අවශ්‍ය Account වර්ගය තෝරාගත් පසු ඒහා සමගම ඇති Get Started යන Button එක Click කරන්න.
දැන් ඔබෙන් ඔබේ ගිණුමට අදාල තොරතුරු විමසා සිටී. එම සියළු තොරතුරු නිවැරදිව පුරවා I Agree ...... යන Button එක මත Click කරන්න.
මෙහිදී ඔබේ Credit Card එකට අදාල තොරතුරු විමසන අතර ඔබ සතුව Credit Card එකක් ඇත්නම් එහි අදාල තොරතුරු ලබාදෙන්න. ඔබ ඔබේ Credit Card එකට අදාල තොරතුරු ලබා නොදී I Agree .. යන Button එක Click කලේ නම් මෙවැනි තිරයක් ඔබට දර්ශනය වේ.
ඔබ සතු Credit Card එකෙහි දත්ත නිවැරදිව ඇතුල් කර Continue යන Button එක මත Click කරන්න. Credit Card නැත්නම් Go To My Account යන ලින්ක් එක මත Click කරන්න. දැන් ඔබ සාර්ථකව PayPal Account එකක් සාදා අවසන්ය.