Blogger හි web අඩවියට පිවිස ඔබේ email හා password එක භාවිතා කර ඔබේ ගිනුමට ඇතුළු වන්න.
දැන් ඔබට මෙහිදී ඔබ විසින් දැනට පවත්වාගෙන යන Blog අඩවි වල ලැයිස්තුවක් දර්ශනය වේ. දැන් ඔබේ Blog එකට Adsense Ad එකතු කරන අයුරු සලකා බලමු. මෙහිදී ඔබට Adsense Ad ඇතුලත් කිරීමට අවශ්‍යBlog අඩවියේ නමට යටින් ඇති Layout යන Link එක කරන්න. දැන් ඔබට මෙවැනි තිර දසුනක් දිස් වේ.
මෙහි යන්න Add A Gadget මත Click කරන්න. අනතුරුව වෙනම Dialog Box එක open වේ.
එහි HTML/Java Script යන්න ඉදිරියෙන් ඇති + සලකුණ මත කරන්න.
අනතුරුව ලැබෙන එකෙහි විශාල කොටුවට ඔබ ඔබේ Adsense ගිණුම භාවිතා කර ලබා ගත් Ad Code එකCopy Paste කරන්න.
නැතහොත් Add A Gadget Click කල විට ලැබෙන Dialog Box එකෙහි Adsense යන්න ඉදිරියෙන් ඇති + සලකුණ මත කරන්න. එවිට ලැබෙන Dialog Box එකෙන් ඔබට අවශ්‍ය පරිදි Adsense Ads එකතු කර ගත හැක. එක් blog අඩවියක් සඳහා ඇතුලත් කළ හැකි උපරිම Adsense Unit ගණන 3කි.