ඔබ එදිනෙදා කටයුතු වලදී මුදල් ගෙවීම සඳහා Credit Card භාවිතා කරන අයුරු දැක ඇතිවාට සැකයක් නොමැත.  Debit Card යනු එලෙස මුදල් ලබා ගැනීමට භාවිතා කල හැකි Card පතකි.  එය අප රටේ බැංකු මගින් නිකුත් කරන ATM Card පතක් වැනිය.  ඔබටත් ඔබේ නමට මෙවැනි Debit කාඩ් පතක් නොමිලයේම ලබා ගත හැක. දැනට මෙය නිකුත් කරන්නේ Frieendfinder වැනි සමාගම් හරහාය. ඔබටත් Friendfinder හරහා මෙවැනි Debit කාඩ් පතක් ලබා ගන්නා අයුරු සලකා බලමු.  පලමුව ඔබේ Friendfinder ගිනුමට ඇතුල් වන්න. 

Friendfinder Account එකක් සාදා ගැනීම 

එහි Account Information යන Tab එක Click කරන්න. අනතුරුව Click Here To Upgrade your Account ...... යනුවෙන් සඳහන් වාක්‍යයෙහි Here යන Link එක Click කරන්න. දැන් ඔබට මෙවැනි තිරයක් දිස්වේ.

එහි යටම ඇති Sign Up to be........ යන වාක්‍ය මත Click කරන්න. ඊලඟට ලැබෙන තිරයෙහි ඔබට Payoneer හි වෙබ් අඩවිය දිස් වේ.   

එහි Get Your PrePaid Master Card යන Button එක Click කරන්න. 

දැන් එහි Card Holder Details යන ස්ථානයට ඔබේ සාමාන්‍ය තොරතුරුද Card Account Information යන ස්ථානයට ඔබේ Card එක හා සම්බන්ද තොරතුරුද ලබා දෙන්න.  ඉන් පසු පහලින් ඇති Check Box තුනට හරි සලකුණ දමා Finish Button එක මත Click කරන්න.     

                                              ඉන්පසු Payoneer සමාගම ඔබේ අ‍යදුම් පත පරීක්ෂාකර ඔබේ ඉල්ලීම තිර කරනු ඇත. සාමාන්‍යයෙන් මේ සඳහා දින දෙකක කාලයක් ගතවේ. ඉන් අනතුරුව ඔවුන් ඔබට ඒ බව ඔබේ ඊමේල් ලිපිනයට දන්වා එවනු ඇත. එවිට ඔබට ඔබේ Account එකට Log විය හැක.  

 නමුත් තවමත් ඔබේ Card එක Active නැත.  ඔබට ඔබේ ඉල්ලීම තහවුරු කර email පනිවිඩය ලැබුන පසු එම සමාගම ඔබේ Card එක ඔබේ නිවසට ලැබීමට සලස්වයි. ඒ සඳහා සාමාන්‍යයෙන් දින 25ක් පමණ ගතවේ. ඉන් අනතුරුව ඔබේ Account එකට Log වී එම Card එකෙහි සඳහන් තොරතුරු ලබාදී ඔබේ Card පතෙහි වලංගු භාවය තහවුරු කර ගන්න.                                            

                                                  මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණු කිහිපයක් වෙයි. ඔබේ Card පත භාවිතා කිරීමටනම් ඔබ අඩුම වශයෙන් එක් වරක් හෝ Friendfinder සමාගමෙන් මුදල් ලබාගෙන තිබිය යුතුය. මෙම කාඩ් පතින් ලෝකයේ ඇති බොහෝ ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගත හැක. එසේ මුදල් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඔබේ ගිනුමෙන් අමතර 1$ මුදලක් වැයවේ. 

 
Make a Free Website with Yola.